විඩාබර වූ ජීවිතයේ මතු වූ කව් සුසුම් පද පුරවන කැඩපත් පවුර ඇති සිත් අම්බලමට එන්න ...... අවසානයක් නොපෙනෙන ජීවිත ගමනේ
මඳකට විඩාව නිවා ගන්න.

Thursday, July 28, 2011

ඇස් ඇරවීම

ආදරය අන්ධයි ලු. ඒ නිසාම අපි අපේ ආදරයට හුඟාක් ම ආදරය කරනවා. අපි අපේ ජීවිතය කර ගන්නවා.

ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකක්ලු

ආදරේ කරන වෙලාවට ඕක මතක් වෙනවැයි.. ඒක දැනෙන්නෙ
අපේ ආදරය අපිව දාලා ගිය දවසට  (මේ ලෝකෙන්ම වුනත් ..). ඒක අනිවාර්යයෙන්ම සිදුවෙන ලෝක සතයතාවයක්. ඒ නිසා සැමදා අපිට අන්ධව ජීවත් වෙන්න බෑ. ඇත්තට මූණ දෙන්න වෙන දවසක් කවදාක හෝ එයි.

අපි එදාටම ඇස්අරිමුද? 
එහෙම නැත්නම් දැන්ම නැඟිටලා ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකට කවදාක හෝ මුහුණ දෙන්නත් සූදානම් වෙමුද ?

නිදිකුම්බා පොලොවේ කඳුලින් පෙගුණු කිරි කවඩිය


Sunday, July 24, 2011

ලං වෙන්නට බැරි සිනා කිනිත්ත



ඇය සිනා වෙන වාරයක් පාසා ඒ සිනාව මගේ ආත්මය පසාරු කරමින් සිත කළඹවමින් නැවුම් හැඟීමකින් සලිත කරනවා.

ඒත් ඉතින්

මට පුලුවන්ද ඒ වගේම ඇගේ හිත සනසවන්න ..... ?????

Friday, July 22, 2011

නුඹ අරලියා මලක් වුවත් ......

අඳුරෙන් එළිය දකින්නට පෙරුම් පුරන ඇය

 


අහන්න ..... මෙය අසා සිටින්න

මේකලා ගමගේ අවදි කරන තමන්ගේ ආත්මීය හඬ.
ඒ හඬ මා හද සෙලවූ නිසාවෙන්ම රූප පෙළක් එකතු කොට පිළිවෙලකට අමුණා ඒ හඬට තවත් සජීවිත්වයක් එක් කරන්නට වෙර දැරුවෙමි. එහි වෙර වෑයම මෙසේ කලඑළි බසින ලදී.

ජීවිතයේ අමතක නොවන වචන පෙලක්..  "සිනාව නාව වසන්තයට සිනාවක් දැයි නොදන්නාවූ ඒ සිනාව". දරය ලැබෙන්නේදැයි විචිකිඡ්ඡාවෙන් සිටි කලෙක ඇයට ඇඟවූයේ ඒ වචන පෙලනි. එහෙත් කාලය වෙනස් විය. පැදි පෙලද මෙලෙස වෙනස් විය. 

මුමුණු ආදරය

රය බලාපොරොත්තුව
සිටි විටෙක ආදරය 
හීන් සීරුවට පේ සවනට
කෙඳුරූ කල ...........
 

Thursday, July 21, 2011

(නො)වෙනස් වන ප්‍රේමය













සියලු සංස්කාරයන් නැසෙන සුලුය ..
සංස්කාර= {ප්‍රේමය}
සියලු ප්‍රේමයන් නැසෙන සුලුය ....


මම, මා නොවන කල ....


පිවිතුරු ආදරයක නුඹ මා වී මාද නුඹ වී එකිනෙකාට ආත්මීයව බද්ධ විමක් සිදුවීමක් සිදු වේ. ඒ ආත්මීය බැඳීම යම් හෙයකින් කඩා වැටුනොත්...........

ආදරණීය සිහිනය

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. අපි ජීවත් වුනත් අපි ජීවත් වෙනව කියල දැනෙන්නෙ ආදරය ලැබෙන කොට. ඒත් ඒ ආදරය නැතිවෙලා ගියොත් ? අපෙන් ඈත් වෙලා ගියොත් ? අපේ ආත්මය අපෙන් ඈත් වෙලා වගේ දැනෙයි. ආදරය නැති වුනාම තමයි දැනෙන්නේ අපි කොච්චරක් ආදරය කලාද කියල. එතන ඉදන් අපි අපේ අතීතයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් එක දෙයක් අපි මතක තියා ගන්න ඕනි. අපි ඉස්සරහටත් ජීවත් වෙන්න ඕනි. එතකොටයි අතීතයක් හරි මතක් කරගන්න පුලුවන් වෙන්නෙ.

අවසානයක් නොමැති නුඹ..........

අරුන්දතී තරුව

නුඹ සැමදාමත්ම තරුවක් වී හිටියා මගේ
හදවත් අම්බලම තුල. ඒ තරුවේ සියුම් ආලෝකය
මගේ ඇස්වලින් පිටවුනේ සීතල වූ කඳුලක් විදිහට.
ඒ...... නුඹ මං ලඟ නොමැතිව සදා මතකයක්ම පමණක් ව
සිටින නිසාවෙනි