විඩාබර වූ ජීවිතයේ මතු වූ කව් සුසුම් පද පුරවන කැඩපත් පවුර ඇති සිත් අම්බලමට එන්න ...... අවසානයක් නොපෙනෙන ජීවිත ගමනේ
මඳකට විඩාව නිවා ගන්න.
Sunday, August 5, 2012
කෙනෙක් කොච්චරවත් අනිත් අයට ගුරු හරුකම් දුන්නත්,
තමන් පිළිබඳව ජිවිතයේ වැදගත් තීරණයක් ගන්න යන වෙලාවේ තමන් ගන්න තීරනය
පිළිබඳව යම් කිසි දෙගිඩියාවක් ඇති වෙනවා. මොකද ඒ තීරණය නිසා මායාවකට
හසුවෙයිද ? සිහිනයක්ම පමණක් වෙයිද, එහෙම නැතුව ඒ ගන්න තීරණය සාර්ථක වෙයිද
කියල. හරියට චිත්ර ශිල්පියෙක් කොච්චර ලස්සනට හා භාවාත්මක විදිහට චිත්ර
ඇන්දත් තමන්ගේ ජීවිතය සිතුවමකට අඳින්න යනවිට එය අඳින්නේ කෙසේද කියා
සිතුවිල්ලක්, එක වර පහල නොවෙනවා වගෙ. පාට නැමති හැඟීම් වල ගිලිලා ඉන්න කොට
තීරනය නැමැති ඒ චිත්රය,ජීවිතය නැමැති කැන්වසයේ අඳින්න ඉස්සර වෙලා හොඳට
හිතන්න වෙනවා කොච්චර ප්රඥයෙක් වුනත්. මොකද චිත්රයක් ඇන්දට පස්සෙ ආයෙත්
ඒකෙ වැරදි හදන්න බැරි නිසා.
Saturday, March 17, 2012
දයාබර සිතුවිල්ල
අඳුර පහව ගොස් අලුත් ඉරක් සමඟ අලුත් දවසක් උදාවෙයි. ඒත් සමඟම හෙට දවස අතීතයට එක්වෙයි. අසුන්දර සිතුවිලි පහව නව පහන් සිතුවිලි ඇති වූ විට දැනෙනුයේ එවන් වූ හැඟීමක්. ඉතින් එවන් නැවුම් ප්රෙබෝධවත් සිතුවිලි නොමැකී පවතින්නට කරනා ඉල්ලීමකි දයාබර සිතුවිල්ලට
Subscribe to:
Posts (Atom)